‘ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සදහා
දූෂණ චෝදනා එල්ල වී ඇති පිරිසක්
ඇමති මණ්ඩලයට රිංගවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි…!’
කුමාර වෙල්ගම.
ජනාධිපතිවරයා ගෙන යමින් සිටින වැඩ පිළිවෙළ යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන තත්ත්වයක දී ජනතාව අතර ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීමේ අරමුණ ඇතිව දූෂණ චෝදනා එල්ල වී තිබෙන කිහිප දෙනෙකු ට අමාත්‍ය ධූර ලබා දෙන ලෙසට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරයගේ යෝජනාව පිළිබෙන සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සදහා සිය සහයෝගය පළ කර තිබෙන අයෙකි.
ජනාධිපතිවරයාගේ සාර්ථකත්වයෙන් තමන්ට අවාසි සහගත තත්ත්වයක් උදා වන බවට පූර්ව නිගමනයකට පැමිණ ඇති පුද්ගලයෙකු හෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කර නැවත බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන ලිපියක් මගින් කුමාර වෙල්ගම මහතා අවධාරණය කර තිබේ.