‘ජනාධිපති පොහොට්ටු පක්ෂයේ සිරකරුවෙක්..!’ දයාසිරි ජයසේකර චෝදනා කරයි.

0
367

‘ජනාධිපති පොහොට්ටු පක්ෂයේ සිරකරුවෙක්..!’
දයාසිරි ජයසේකර චෝදනා කරයි.

යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ සංයුතිය සහ එහි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් තවමත් තම පක්ෂයට පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කර නැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

වත්මන් පාර්ලිමේන්තුව එහි නිළ කාලය අවසන් වීමට නියමිත 2025 වසර දක්වා විසුරුවා නොහරින බවට ඔහුගේ පැවැත්ම තහවුරු කර ගැනීම සදහා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පොරොන්දු වී ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ සිරකරුවෙකු බවට පත්ව ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පොහොට්ටු පක්ෂය සහ ජනාධිපතිවරයා අතර ඇති ඩීල් එක රආර්ථික අර්බුදයෙන් සහ දේශපාලන අස්ථාවරභාවයෙන් රට ගොඩ ගැනීමට උපකාරවනවා වෙනුවට අර්බුධය වඩාත් ගැඹුරු කිරීමට හේතු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ.

මේ තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් – යුරෝපා සංගමයෙන් හෝ ලෝක බැංකුවෙන් අපේක්ෂා කරන සහන ලබා ගැනීමද සැක සහිත තත්ත්වයකට ඇදි වැටී තිබෙන බවයි දයාසිරි ජයසේකර පවසා තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + 10 =