ජනාධිපති මන්දිරයෙන් හමු වූ ලක්ෂ 178
ගෝඨාභය ඉල්ලයි..!
අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.
ජූලි මාසයේ 09 වන දා, කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන් එහි තිබී සොයා ගන්නා ලද රුපියල් ලක්ෂ 178 ක මුදල, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යලි මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එම මුදල සම්බන්ධයෙන් වූ විමර්ශන මෙතෙක් අවසන්ව නැති බැවින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
අදාල මුදල පිළිබදව අල්ලස් පනත හා මුදල් විශුද්ධ කිරීමේ පනත යටතේ විමර්ශන සිදුකළ හැකි බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.