ජනාධිපති මන්දිරයෙන් හමු වූ එක්කෝටි හැත්තෑ අට ලක්ෂය පොලිසිය තවමත් අධිකරණයට භාර දී නෑ.

0
102

ජනාධිපති මන්දිරයෙන් හමු වූ
එක්කෝටි හැත්තෑ අට ලක්ෂය පොලිසිය
තවමත් අධිකරණයට භාර දී නෑ.

ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල තවමත් පොලිසිය විසින් අධිකරණය වෙත භාර දී නැති බව වාර්තා වේ.

පසුගිය ජූලි 09 වන දා ජනාධිපති මන්දිරයට ඇතුළු ජනතාව එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදලක් සොයාගෙන තිබුණු අතර, එම මුදල් සියල්ල ගණන් කිරීමෙන් පසුව කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට භාර දී තිබුණි.

කෙසේ වෙතත්, අද දක්වාම එම මුදල පොලිසිය විසින් අධිකරණය භාර දී නොතිබුණු අතර, අදාල මුදල් වහාම අධිකරණය භාරයට පවරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝග කර ඇති බව පැවසේ.

මේ අතර, පොලිසිය, අද දිනයේ දී පුද්ගලයන් සිව් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන්, ජූලි නම වන දා ජනාධිපති මන්දිරයෙන් හමු වූ එම මුදල් ප‍්‍රමාණය ගණන් කරමින් සිටි අය බව පැවසේ.

කෙසේ වෙතත්, එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත එම පිරිස මුදා හැර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − seven =