‘ජනාධිපති මන්දිරයේ තිබී ලක්ෂ 170 ක් හමු වීම.’ දේශබන්දුගෙන් බලපෑම් එල්ලවන බව විමර්ෂණ භාර නිළධාරියා අධිකරණයට කියයි.

0
328

‘ජනාධිපති මන්දිරයේ තිබී ලක්ෂ 170 ක් හමු වීම.’
දේශබන්දුගෙන් බලපෑම් එල්ලවන බව
විමර්ෂණ භාර නිළධාරියා අධිකරණයට කියයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොටුව ජනාධිපති මන්දිරයෙන් පලාගිය දවසේ, මන්දිරයේ දමා ගිය රුපියල් ලක්ෂ 170 කට ආසන්න මුදල, අරගලකරුවන් විසින් කොටුව පොලිසියට භාර දී තිබුණි.

එම මුදල අධිකරණයට ඉදිරිපත් නොකර පොලිසිය භාර අමාත්‍යවරයා වන ටිරාන් අලස් මහතාට ලබා දෙන ලෙස, බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් එල්ලකොට ඇති බවද එම දිනවල වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් සිදු කරන ලෙස අධිකරණය මගින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ යන අයට පවරා ඇති අතර, ඔහු විසින් ඊට අදාල වාර්තාව 2022.11.11 යන දින අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාව මගින් දේශබන්දු තෙන්නකෝන් වරදක් කර ඇති බවත් (සොයාගත් මුදල් අධිකරණයට භාර නොදී පොලිසිය භාර අමාත්‍යවරයාට ලබාදෙන ලෙස බලපෑම් කිරීම) ඔහුට එරෙහිව විනය පියවර ගත යුතු බවටත් නිර්දේශ කර තිබේ.

ජනාධිපති මන්දිරයේ තිබූ හමු වූ රුපියල් ලක්ෂ 170 ට අදාල නඩුව අද දිනයේ දී අධිකරණය කැදවා තිබුණු අතර එහිදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බවයි.

එම තර්ජනය කිරීම සිදුව ඇත්තේ 2022.11.11 දින සන්ධ්‍යාවේ දීය.

ඒ, දේශබන්දු තෙන්නකෝන් වරදක් කර ඇති බවත් ඔහුට විරුද්ධව විනය පියවර ගත යුතු බවටත් නිර්දේශ කරමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණයට වාර්තා කිරීමෙන් පසුවයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතා අද දිනයේ දී අධිකරණයට වාර්තාකර තිබෙන්නේ මේ තත්ත්වය මත තමන්ට නිදහසේ සිය රාජකාරිය කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.

එමෙන්ම බොර චෝදනා ගොනු කරමින්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය රැකියාවට අකටයුතුකමක් කරනු ඇති බවට වන සැකය තමන්ට ඇති බවද ඔහු අධිකරණයට වාර්තා කර තිබේ.

නීතීඥ නුවන් බෝපගේ ඉදිරිපත් කර තිබුණු
වාර්තාවක් ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − six =