මරණ දඩුවමට ලක්ව රක්ෂිතබන්ධනාගාරගතව සිට, පසුව, ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ දුමින්ද සිල්වා, ජනාධිපති සමාව අත්හිටුවා, නැවත අත් අඩංගුවට ගෙන වහා අධිකරණය හමුවට පමුණුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්ර විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
2021 ජූනි මාසයේ 24 වන දා ජනාධිපති විශේෂ සමාවක් යටතේ දුමින්ද සිල්වා නිදහස් කරන ලදී.
2011 වසරේ දී සිදු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය 2016 සැප්තැම්බර් මාසයේ දී දුමින්ද සිල්වා මරණ දණ්ඩනයට යටත් කරන ලදී.
මහාධිකරණ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණු අතර, නඩු විභාගයට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මහාධිකරණය දුන් නඩු තීන්දුව යළි තහවුරු කරන ලදී.