ජබාලියා සරණාගත කදවුරට
ගුවන් ප්‍රහාරයක්…!
ගාසා තීරයේ සිදුකරන ජන සංහාරයට විරෝධය පා,
චිලී ජනාධිපතිවරයා සිය තානාපති
ඊශ්‍රායලයෙන් කැදවා ගනී.
ගාසා තීරයේ පිහිටි විශාලතම සරණාගත කදවුර වන ජබාලියා සරණාගත කදවුරට ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් පනස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමාස් නායකයෙකු සැගවී සිටින බවට ලැබුණු තොරතුරු මත මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.
ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙන අතර, එය ගාසා තීරයට සටන් විරාමයක් අත්‍යවශ්‍ය බවට වන අනතුරු හැගවීමේ සංඥාවක් බව ඔවුන් පවසයි.
මේ අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිදුකරන බිහිසුණු සංහාරයට විරෝධය පෑමක් ලෙස, චිලී රජය, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරයා යළි සිය රටට කැදවා තිබේ.