ජවිපෙ සහ ඩලස් පිල නෑ.
ජාතික සභාව හෙට රැස් වේ.
සියළුපක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත වන පරිදි ස්ථාපිත කර තිබෙන ජාතික සභාව පළමු වරට හෙට දිනයේ දී රැස්වීමට නියමිත ය.
ජාතික සභාව රැස්වන්නේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.
අගමැති – විපක්ෂනායක – ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු නියෝජිතයන් තිස් දෙදෙනෙකුගෙන් ජාතික සභාව සමන්විත ය.
කෙසේ වෙතත් ජාතික ජනබලවේගය සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ජාතික සභාව ප්‍රතික්ෂේප කර තිබේ.