ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සම්බන්ධයෙන් අද වාර්තා වූ ප‍්‍රවෘත්ති දෙකක්.

0
341

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සම්බන්ධයෙන් අද වාර්තා වූ ප‍්‍රවෘත්ති දෙකක්.


පසුගිය මැයි නම වනදා, අරලියගහ මන්දිරයේ සිට කි‍්‍රයාත්මක වූ මැරයන් ගෝඨා ගෝ ගම නිරායුධ විරෝධතාකරුවන්ට එල්ල කළ ප‍්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීමට අදාලව, ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි, නීතිපතිවරයා විසින් තුන් වතාවක් උපදෙස් දී තිබියදීත්, නීතිපතිගේ උපදෙස් කි‍්‍රයාත්මක නොවන්නේ ඇයිදැයි, අධිකරණයට වාර්තා කරන ලෙස, කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ දිනයේ දී නීතිපතිවරයාට නියෝග කර තිබේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබේ.

කෙසේ නමුත්, නීතිපතිවරයා ලබාදුන් එම උපදෙස් කි‍්‍රයාත්ම කිරීම පැහැර හැරීම සිදුකර තිබෙන්නේ කවර නිළධාරීන් විසින්දැයි අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා නීතිපතිට නියෝග කර තිබේ.

මේ අතර මැයි නම වන දා ගෝඨා ගෝ ගමට එල්ල කළ පහර දීමට පසුව, ගංගාරාමය ආසන්න ස්ථානයක දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට කිසියම් පිරිසක් පහර දී තිබුණු අතර, එම පහර දීමට සම්බන්ධ වූ පුද්ගලයන් සොයා පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ. ඒ අනුව, ඊට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =