ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට උසස්වීමක්..!

0
329

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
නිලන්ත ජයවර්ධනට
උසස්වීමක්..!

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා “ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – පරිපාලන” ලෙස පත්කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා දැනට පොලිස් සේවයේ සිටින දෙවන ඉහළම ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියා බවට පත් වේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශ්‍රාම යෑමෙන් පසුව නිලන්ත ජයවර්ධන මහතා එම ධූරයට පත් කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවේ රජයේ ප්‍රධාන සාක්ෂිකරු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − three =