ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වත්, තොරතුරු දැනගැනීමේ පනතින් අනිවාර්ය කර තිබුනත්, මහාපරිමාණ ව්‍යාපෘතිවලට අදාල තොරතුරු හෙළි කර ගැනීමඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්..!

0
118

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වත්,
තොරතුරු දැනගැනීමේ පනතින් අනිවාර්ය කර තිබුනත්,
මහාපරිමාණ ව්‍යාපෘතිවලට අදාල තොරතුරු හෙළි කර ගැනීම
ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්..!

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ, මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබදව සියළු තොරත-ුරු මහජනතාවගේ දැන ගැනීම සදහා මාර්ගගත පද්ධතියකට ඇත-ුළත් කළ යුතුව ඇති නමුත්, 2022 සහ 2023 යන වසරවල, එකී හෙළිදරව් කළ යුතු තොරතුරු වලින් හෙළිදරව් කර ඇත්තේ 18% ක් සහ 25% ක් පමණක් බව වාර්තා වේ.

මේ බව හෙළිකරගෙන ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය ඒ සම්බන්ධයෙන් කරන ලද ගවේශනයකිනි.

ඊට අමතරව, අදාල තොරතුරු, ප්‍රධාන වශයෙන්ම, සිංහල සහ දෙමළ යන මාධ්‍යයන්ගෙන් හෙළිදරව් කිරීම අනිවාර්යය කර තිබෙන අතර, අවශ්‍යනම් පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද තොරතුරු ලබා දිය හැකි බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තහවුරු කර ඇතත්, එයද අදාල බළධාරීන් විසින් නොතකා හැර තිබේ.

වෙරිටේ රිසර්ච් සොයාගෙන තිබෙන ආකාරයට, 2022 වසරට අදාල තොරතුරුවලින් 18% ක් ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගැනීමේ පහසුකම සලසා ඇති අතර, සිංහල භාෂාවෙන් ලබාගත හැකි තොරතුරු ප්‍රමාණය 5% කුත් දෙමළ භාෂාවෙන් ලබාගත හැකි තොරතුරු ප්‍රමාණය 4% කුත් පමණක් වේ.
2023 වසරේදී ද එම ප්‍රවණතාව අඛණ්ඩ දක්නට ලැබෙන අතර, එම වසරේ සපයා ඇති තොරත-ුරුවලින් 25% ක් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකර තිබෙන අතර, සිංහල භාෂාවෙන් ලබා දී ඇත්තේ 8% ක තොරතුරු ප්‍රමාණයකි. දෙමළ භාෂාවෙන් ද 8% ක තොරතුරු ප්‍රමාණයක් ලබා දී තිබේ.

මෙම තොරතුරු වෙරිටේ රිසර්ච් වෙඩ් අඩවියේ සදහන්වන අතර, එම වෙබ් අඩවියේ සිංහල පිටුව, අපි මෙම ලිපියට අදාල ෆේස්බුක් පෝස්ටුවේ පළමු කොමෙන්ටුව ලෙස ඇතුළත් කරමු.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනතේ 09 වන වගන්තියෙන්, යම්කිසි යටිතල පහසුකම් ව්‍යාපෘතියකට වගකිව යුතු අමාත්‍යවරයා, අදාල තොරතුරු හෙළිකිරීමට බැදී සිටියි. මෙහිදී, ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වැඩි හෝ රුපියල් ලක්ෂ පනහකට වඩා වැඩි වටිනාකමක් සහිත ව්‍යාපෘති පිළිබද තොරතුරු ඛාණ්ඩ පහක් යටතේ, අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මාස තුනකට පෙර හෙළි කළ යුතුය.

ඛාණ්ඩ පහට, ව්‍යාපෘති විස්තර, ප්‍රතිලාභ හිමිවන්නේ කාටද යන බව, අයවැය සහ මූල්‍ය වාර්තා, ප්‍රසම්පාදන කටයුතු පිළිබද විස්තර සහ කොන්ත්‍රාත් කරුවන් පිළිබද විස්තර ඇතුළත් ය.

දූෂණයට ඇති ඉඩකඩ වැළැක්වීම සදහා, මහාපරිමාණ ව්‍යාපෘති සම්බන්ධ සියළු තොරතුරු මාර්ගගත පද්ධතියකට (ඔන්ලයින් ෆ්ලැට්ෆෝර්ම් එකකට) ඇතුළත් කිරීමට කටයුත-ු කළ යුතු බවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද නිර්දේශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 4 =