ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කරයි. මාස හයකින් බදු සංශෝධනයකට යා හැකි බව කියයි.

0
317

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල;
වෘත්තීය සමිති නියෝජිතයන් සමග
සාකච්ඡා කරයි.
මාස හයකින් බදු සංශෝධනයකට
යා හැකි බව කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මෙරට ප්‍රධාන පෙලේ වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් පසුගිය සිකුරාදා දිනයේ දී සිදුව තිබේ.

එහිදී, රජය සමග මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට (ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට්) පැමිණීමේ දී ඇති කරගත් බදු සංශෝධන යෝජනා ඉදිරියේ දී වෙනස් කරගත හැකි බව ජාත්‍යන්ත මූල්‍ය අරමුදල වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා තිබේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකගතා සම්බන්ධයෙන් සෑම මාස හයකටම වරක් සමාලෝචනයක් සිදු කළ යුතුව ඇති අතර, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළමු සමාලෝචනයේ දී ම දැනට ක්‍රියාත්මක කර තිබෙන බදු ප්‍රතිපත්තිය යළි සංශෝධනය කරගත හැකි බව ජාත්‍යවන්තර මූල්‍ය අරමුදල වෘත්තිකයන්ට පොරොන්දු වී තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ වරාය වෘත්තිය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සික-ුරාදා පැවති සාකච්ඡාවට සහභාගී වී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙනුවෙන් වොෂින්ටනයේ නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් සාකච්ඡාව සදහා එක්ව තිබේ. සාකච්ඡාව සුම් ඔස්සේ සිදුව තිබේ.

කෙසේ වෙතත් ජෝසප් ස්ටාලින් ගේ නායකත්වයෙන් යුත් ගුරු වෘත්තීය සමිතිය මෙම සාකච්ඡාව සදහා එක්ව නැත.

රටේ ආර්ථික ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ රජය සමග මිස ජනවරමක් හෝ රජය නියෝජනය කිරීමට කිසිදු ව්‍යවස්ථාමය අයිතියක් හෝ හිමිව තැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නොවන බව ඔවුන් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =