ජාත්‍යන්තර සමාගම් තුනකට මෙරට ඉන්ධන වෙළද පොළට පිවිසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය…!

0
223

ජාත්‍යන්තර සමාගම් තුනකට
මෙරට ඉන්ධන වෙළද පොළට පිවිසීමට
කැබිනට් මණ්ඩල අනුමැතිය…!


එක් සමාගමකට ඉන්ධන අලෙවි සල්
150 බැගින් ලබා දෙයි.

ජාත්‍යන්තර සමාගම් තුනකට මෙරට ඉන්ධන වෙළද පොලට ප්‍රවේශ වීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය අද දිනයේ දී ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර පවසයි.

සිනොපැක්, යුනයිටඩ් පෙට්රෝලියම් සහ ෂෙල් මෙසේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති ජාත්‍යන්තර සමාගම් තුනයි.

බලශක්ති කමිටුව සහ අනෙක් ප්‍රසම්පාදන කමිටු විසින් අදාල සමාගම් තුන සදහා බලපත්‍ර ලබා දීම අනුමත කර තිබේ.

ඉන්ධන වෙළදාම පවත්වාගෙන යාම සදහා පිරවුම්හල් 150 බැගින් අදාල සමාගම් තුනට ලබා දීමට නියමිත ය. මෙසේ ලබා දීමට නියමිතව ඇත්තේ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරනු ලබන ඉන්ධන පිරවුම්හල් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =