ජාතික ආණ්ඩුවකට එක්වන ලෙස
ජනපතිගෙන් නැවතත් විවෘත ආරාධනාවක්.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්වන ලෙස, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, නැවත වතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වෙත ආරාධනා කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම ආරාධනාව, බොහෝදුරට, අයි.එම්.එෆ් එකගතා පිළිබදව පාර්ලිමේන්තු විවාදය ආරම්භ කිරීමට නියමිත අප්‍රේල් මාසයේ 25 වන දා දිනයේ සිදු කෙරෙනු ඇති බව පැවසේ.
ජනාධිපතිවරයා විසින් මීට පෙරද ජාතික ආණ්ඩුවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වෙත ආරාධනා කර තිබුණද ඊට විපක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.