ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වන, සරත් වීරසේකරට වීසා දෙන්න එක්සත් ජනපදය අදිමදි කරයි..!

0
568

ජාතික ආරක්ෂාව පිළිබද
ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වන,
සරත් වීරසේකරට
වීසා දෙන්න එක්සත් ජනපදය
අදිමදි කරයි..!

ලබන මාසයේ අග භාගයේ වොෂින්ටනයේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සදහා, ජාතික ආරක්ෂාක පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මහතාට වීසා ලබා දීම එක්සත් ජනපදය විසින් මගහරිමින් සිටින බව වාර්තා වේ.

වත්මන් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාක්මක වන සෑම අධීක්ෂණ කාරක සභාවකම සභාපතිවරු, දින දහයක වැඩමුළුවක් සදහා වොෂින්ටනයට රැගෙන යාමට, යූඑස්ඒඩ් සංවිධානය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය සැලසුම් කර තිබේ.

ඊට අදාල වීසා බලපත්‍ර සියළු සභාපතිවරු විසින් ලබා ගත යුතු නමුත්, නියමිත කාලය තුළ, ජාතික ආරක්ෂාව පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයාට වීසා නිකුත් කිරීමට නොහැකි වනු ඇතැයි, එක්සත් ජනපදය පවස යි.

ඒ අනුව, වොෂින්ටන් සංචාරය සදහා පැමිණෙන ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ගේ ලයිස්තුවෙන්, ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මහතාගේ නම ඉවත් කොට, ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් ඉදිරිපත් කරන ලෙස වැඩමුළුවේ සංවිධායකයෝ පවසති.

තමන් මේ පිළිබදව කතානායකවරයාට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීම සදහා දියත් වූ ජන අරගලය පිටුපස ඇමරිකාවද සිටින බව තමන් හෙළි කළ බව පවසන මන්ත්‍රීරයා, තමන්ට වීසා ලබා නොදීමට, තමන් එල්ල කළ ඒ චෝදනාව ද තිබෙන බවට අනුමාන කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =