ජාතික සභාව අද රැස්වේ.
ජවිපෙ නෑ.
ඩලස්ලා නෑ.
මෛත්‍රීපිල නෑ.
විමල්ලාගේ උත්තර සභාගය නෑ.
පසුගිය දා ස්ථාපිත කරන ලද ජාතික සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිත ය.
ජාතික සභාව පිළිබද යෝජනාව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායිතාවය සදහා අවශ්‍ය පොදු අවම වැඩ සටහනක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ එක්ව සම්පාදනය කර ගැනීම මෙම ජාතික සභාව පිහිටුවීම අරමුණ යි.
කෙසේ වෙතත් ජාතික තමන් ජාතික කවුන්සිලයට සහයෝගය නොදක්වන බව පාර්ශ්ව රැසක් මේ වන විට දැනුම් දී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ – ඩලස් අලහප්පෙරුම ඇතුළු ඛණ්ඩායම – මෛත්‍රී පිල සහ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු උත්තර සභාගය ජාතික කවුන්සිලය වර්ජනය කරන බව දැනුම් දෙයි.