ජාතික සම්පත් විකුණනවාට තරුණයන්ගෙන් 93.8% ක් සහ වැඩිහිටියන්ගෙන් 93.2% ක් විරුද්ධයි.

0
196

ජාතික සම්පත් විකුණනවාට
තරුණයන්ගෙන් 93.8% ක් සහ
වැඩිහිටියන්ගෙන් 93.2% ක්
විරුද්ධයි.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබුණද ජාතික සම්පත් විකිණීමට ජනගහනයෙන් සාතිශය බහුතරයක් විරුද්ධ බව මෑතක දී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව යූ.එස්.ඒඩ් සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව රටේ තරුණයන්ගෙන් 93.8% ක් සහ වැඩිහිටියන්ගෙන් 93.2% ක් ජාතික සම්පත් විකිණීමට විරුද්ධ බව පවසා තිබේ.

රාජ්‍ය සේවය සදහා පුද්ගලයන් අනුයුක්ත කිරීම සීමා කළ යුතු බව තරුණ ප්‍රජාවෙන් 42.1% ක් සහ වැඩිහිටි ප්‍රජාවෙන් 47.4% ක් විශ්වාස කරන බව එම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

යුද්ධයෙන් පසුව රට තුළ ඇති කරන ලද සංවර්ධන ව්‍යාපෘති කිසියම් දවසක රටට ඵලදායී වනු ඇති බවට තරුණ ප්‍රජාවෙන් 69.1% ක් සහ වැඩිහිටි ප්‍රජාවෙන් 69.4% ක් විශ්වාස කරයි.

වත්මන් ආර්ථික අර්බුදයට පාලකයන් වගකිව යුතු බව තරුණ ප්‍රජාවෙන් 76.6% ක් සහ වැඩිහිටි ප්‍රජාවෙන් 71.9% ක් විශ්වාස කරයි.

ආර්ථික අර්බුදය කෝවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් බව තරුණ ප්‍රජාවෙන් 32.4 ක් සහ වැඩිහිටි ප්‍රජාවෙන් 28% ක් විශ්වාස කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 8 =