ජිනීවා යෝජනාවට ආර්ථික අපරාධ ඇතුළත් කිරීම ගැන රජයේ කණස්සල්ල.

0
1144

ජිනීවා යෝජනාවට
ආර්ථික අපරාධ ඇතුළත් කිරීම ගැන
රජයේ කණස්සල්ල.


ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ජිනීවා යෝජනාව තුළ ආර්ථික අපරාධ පිළිබදව සදහන් කර තිබීම පිළිබදව ශ්‍රී ලංකා රජය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

ලංකාවට එරෙහිව ගෙනැවිත් තිබෙන යෝජනාව පරාජය කිරීමට නොහැකි වන නමුත් ස්ථිරව යෝජනාවට එරෙහිව සිටීමට රජය තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

ආර්ථික අර්බුදය මානව හිමිකම් කවුන්සිලයේ විෂයයක් නොවන බව පවසා ඇති විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රජය දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් සිටින බවද පවසයි.

ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද හෝ හෙට සිදුවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 2 =