ජිනීවා 30/1 යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය; 19.4% ක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි.61% ක් කිසිදු ප්‍රගතියක් නැත.

0
150

ජිනීවා 30/1 යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය;
19.4% ක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි.
61% ක් කිසිදු ප්‍රගතියක් නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන ලද 30/1 යෝජනාවේ අඩංගු කරුණුවලින් 19.4% ක ප්‍රමාණයක් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය මේ වන විට සමත්ව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වය යටතේ, මෙම යෝජනා මාලාව ඉදිරිපත් කරන ලද්දේ 2015 වසරේ දී ය.
කෙසේ වෙතත්, අදාල යෝජනාවලියෙන් 61% ක්ම, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී, මේ දක්වා, කිසිදු ප්‍රතතියකින් තොරව, එක තැන නතර වී තිබේ.
30.1 යෝජනාවලිය තුළ එකිනෙකට වෙනස් කරුණු 36 ක් අඩංගු විය.
මෙම කරුණු 36 ප්‍රධාන ඛාණ්ඩ පහක් යටතට ඇතුළත් වේ.
එම ප්‍රධාන ඛාණ්ඩ පහ වන්නේ,

  1. අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය
  2. සංක්‍රාන්ති යුක්තිය සහ ප්‍රතිසංධානය.
  3. ආරක්ෂාව සහ හමුදාකරණය නතර කිරීම.
  4. ජාත්‍යන්තර මැදිහත් වීම.
  5. බලය බෙදීම.

මෙකී ඛාණ්ඩ පහ තුලට ගැනෙන කරුණු හතක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රජයට හැකි වී තිබේ.
එසේ ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ කරන ලද කරුණු හත පහතපරිදියි.

1.පුළුල් සංක්‍රාන්තික යුක්තිය පිළිබද ක්‍රියාවලියක නිරත වීම.

  1. අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීම.
  2. වන්දි ගෙවීමේ කාර්යාලය පිහිටුවීම.
  3. බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්වලින් පුද්ගලයන් ආරක්ෂා කර ගැනීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතීන් අත්සන් කිරීම.
  4. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධයක් ලෙස සැලකීම.
  5. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය අතර අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම,
  6. විශේෂ කාර්ය පටිපාටි විධානය දරන්නන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම.

30/1 යෝජනාවලියට ශ්‍රී ලංකා රජය එකග වූ 2015 වසරේ සිට මේ දක්වා වසර අටකට ආසන්න කාලයක් ගත වී ඇතත්, මේ දක්වා කිසිම ආකාරයක ප්‍රගතියක් අත්කරගෙන නොමැති කරුණු ද රැසක් තිබේ. එම කරුණු අතර,

  1. ජන ජීවිතය යථාවත් කිරීම,
  2. මාධ්‍යවේදීන්ට, මානවහිමිකම් ක්‍රියාධරයන්ට, ආගමික සුළුතරයන්ට සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රහාර පිළිබදව විමර්ශනය කිරීම,
  3. එවැනි ප්‍රහාර අනාගතයේ දී සිදුවීම වැලැක්වීම ආදිය තිබේ.

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම විමර්ශනය කිරීම සදහා විශේෂ උපදේශකයෙකු සහ විදේශීය විනිසුරුවයන්ගේ සහභාගීත්වයෙන් යුතු අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම යන කරුණ, 30/1 යොජ්නාවේ ඇතුළත්වූවද කිසිදු ප්‍රගතියක් නොලබා ගල් ගැසී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =