ජීවිත තර්ජන සහ බලපෑම් දැඩි වේ. මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි.

0
782

ජීවිත තර්ජන සහ බලපෑම් දැඩි වේ.
මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි.

මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ජීවිත තර්ජන සහ බලපෑම් හේතුවෙන් තමන් මෙසේ විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දිසාවිනිසුරුවරයා පවසයි.

කුරුන්තිමලේ පුරා විද්‍යා ස්ථානවලට අදාල නඩුවල දී විනිසුරුවරයා ලබා දුන් තීන්දු සම්බන්ධයෙන්, මෙසේ ඔහුට ජීවිත තර්ජනය සහ බලපෑම් එල්ල වී තිබෙන බව පැවසේ.

පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරම මහතාද අවස්ථා දෙකක දී ම පාර්ලිමේන්තුවේ දී මෙම විනිසුරුවරයා දැඩිව විවේචනයට ලක් කළ අතර, ඒ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, සරත් වීරසේකර මහතාට දැඩි අප්‍රසාදය පල කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =