‘ජී.එස්.පී ප්ලස් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මානව හිමිකම්
කිසි විටෙක අමතක කරන්න එපා.’
යුරෝපා සංගම් නියෝජිතයෝ ජනපතිට කියති.
ඊයේ දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හමුවකට පසුව යුරෝපා සංගම් නියෝජිතයෝ පහත දැක්වෙන ට්වීටර් පණිවිඩය නිකුත් කර තිබේ.
‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාධනීය සාකච්ඡාවක් පැවැත් වීමු.
යුරෝපා සංගමය යනු අභියෝගාත්මක කාලවල දී පෙරට එන හවුල්කරුවෙකි.
සිවිල් හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපට වැදගත් ය.
සියල්ලටමත් වඩා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් විවිධ මත දැරීමට ඇති අයිතියත් තහවුරු වී තිබෙනු දැකීම අපට අවශ්‍යය.
ලංකාව නැවත හරි පීල්ලට ගැනීම සදහා සියළු දෙනා ඇතුළත් කරගන්නා ඒකාබද්ධ ප්‍රයත්නයක් අවශ්‍ය බව අපි පිළිගනිමු.
විදේශ සමිබන්ධතා පිළිබද කාරණාවේ දී ප්‍රධාන කරුණු තුනක් පිළිබදව අවධානය යොමු කරන ලෙස අපි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිහිපත් කළෙමු.
එම කරුණු නම්
ජී.එස්.පී ප්ලස් සහනය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ
මානව හිමිකම් ය.
ඊට අදාල ක්‍රියාවලීන් සාර්ථක කර ගැනීම සදහා ශ්‍රී ලංකා රජය ස්ථිරසාර පියවර ගනු ලබනු ඇතැයි යුරෝපා සංගමය අපේක්ෂා කරන බව ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.