‘ජී.එස්.පී. ප්ලස් ලංකාවට අවශ්‍ය බව අපි දනිමු. නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාමත් ගැටළුවකි.’ යුරෝපා සංගමය.

0
143

‘ජී.එස්.පී. ප්ලස් ලංකාවට අවශ්‍ය බව අපි දනිමු.
නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාමත් ගැටළුවකි.’
යුරෝපා සංගමය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ගැටළුවක් බවත් එහි ඇති ගැටළු විසදීම සදහා තවමත් රජය නිසි පියරව ගෙන නැති බවත් යුරෝපා සංගමය පවසයි.

මෙරට යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි මහතා පවසන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දේශපාලන බියගැන්වීම් සදහා යොදා ගන්නා බව පෙනී යන බවයි.

ඒ සම්බන්ධයෙන් දැනටමත් චෝදනා එල්ල වී ඇති බවද ඩෙනිස් චයිබී මහතා පවසයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි සංශෝධනය කරන බවට 2017 වසරේ දී රජය පොරොන්දු වූ බව ඩෙනිස් චයිබී මහතා සිහිපත් කරයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරමින් ගෙන ඒමට නියමිත ජාතික ආරක්ෂක පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පවසයි.

යුරෝපීය වෙළද පොළට භාණ්ඩ අපනයනය සදහා ලබා දෙන ජී.එස්.පී ප්ලස් සහනය ලංකාවට අවශ්‍ය බව සියල්ලන්ම පිළිගන්නා බව පවසන තානාපති වරයා, ඒ නමුත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බවද පවසයි.

ඩේලි මිරර් ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =