“ජූඩ් ශර්මන්තටවිශේෂ ජනාධිපති සමාවක් ලබා දිය නොහැකියි.” මෛත්‍රීගේ නීති ලේකම් එදා මෛත්‍රීට දැනුම් දීලා.

0
624

“ජූඩ් ශර්මන්තට
විශේෂ ජනාධිපති සමාවක් ලබා දිය නොහැකියි.”
මෛත්‍රීගේ නීති ලේකම්
එදා මෛත්‍රීට දැනුම් දීලා.


රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඩුවම් ලබා සිටි ජූඩ් ශර්මන්ත නම් අයට ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක් කරමින් “කාන්තාව හා මාධ්‍ය සාමූහිකය” නම් සංවිධානය විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ දිනයේ දී විභාගයට ගෙන තිබෙන අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, ජූඩ් ශර්මන්ත ට විශේෂ ජනාධිපති සමාවක් ලබා දිය නොහැකි බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති ලේකම් විසින් හිටපු ජනාධිපතිවරයාට එම අවස්ථාවේ දී දැනුම් දී ඇති බවයි.

ඊයේ දිනයේ දී අදාල පෙත්සම ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගෙන තිබෙන අතර, එහිදී මෙම කරුණ අනාවරණය වී තිබේ.

ජූඩ් ශර්මන්ත විසින් සිදු කරන ලද ඝාතනය, 2005 වසරේ දී සිදු වූවකි.

දීර්ඝ නඩු විභාගයකට පසුව, 2012 වසරේ දී අභියාචනාධිකරණය ඔහුට මරණ දඩුවම නියම කළේ ය.

2019 වසරේ නොවැම්බරයේ දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජූඩ් ශර්මන්ත විශේෂ ජනාධිපති සමාවක් යටතේ මුදා හැරියේ ය.

ඒ සදහා අතුරලියේ රතන හිමි සම්බන්ධ වී තිබුණු අතර, පසුකලෙක මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර සිටියේ, ජූඩ් ශර්මන්ත නිදහස් කිරීමට කටයුතු කළ කිසියම් අයෙකු ඒ සදහා අදාල පාර්ශ්වයන්ගෙන් අල්ලස් මුදල් ලබාගෙන ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 8 =