ජූලි පළමු වැනිදා සිට
ලක්ෂ විස්සකට සහනාධාර.
අන්ත දිළිදු ඛාණ්ඩයට අයත් පවුල් ලක්ෂ හතරකට මාසයකට රුපියල් 15,000 ක්.
රජයේ සුබසාධන වැඩසටහන් යටතේ, පවුල් ලක්ෂ විස්සකට ජූලි පලමුවැනි දා සිට සහනාධාර ලබා දීමට කටයුතු කර තිබේ.
මෙම ආධාර ලබා දීම ඛාණ්ඩ කිහිපයක් යටතේ සිදු වේ.
ඒ අනුව, අන්ත දිළිදු ඛාණ්ඩයට අයත් පවුල් ලක්ෂ හතරකට, මසකට රුපියල් පහළොස් දහස බැගින් අවුරුදු තුනක කාලයක් දක්වා ලබා දීමට නියමිත ය.
දිළිදු ඛාණ්ඩයට අයත් පවුල් ලක්ෂ අටක් සදහා, මසකට රුපියල් 8,500 බැගින් ලබා දෙනු ඇත.
ඊට ඉහළ ඛාණ්ඩයට අයත් පවුල් ලක්ෂ හතරකට මසකට රුපියල් පන්දහස බැගින් ලබා දීමට තීරණය කර තිබෙන අතර, ඊටත් ඉහළ ඛාණ්ඩයට අයත් පවුල් ලක්ෂ හතරකට, මසකට රුපියල් දෙදහස් පන්සියය බැගින් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
ලබාදෙන සහනාධාර ප්‍රමාණය සහ – කොපමණ කාලයක් පුරා සහනාධාර ලබා දෙන්නේද යන්න පාර්ලිමේන්තුවට තීරණය කළ හැකිය.
සහනාධාර ලබන ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිත අතර, විරෝධතා ගොනු කිරීමේ අවස්ථාව ජනතාවට ලබා දී තිබේ.