ජූලි මාසයේත් ඇගළුම් අපනයනයෙන්
ඩොලර් මිලියන පන්සියය ඉක්මවූ ආදායමක්.
ජූලි මාසයේ ඇගළුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 522.13 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ ජූලි මාසය හා සසදා බැලීමේ දී එය 22.64% ක වර්ධනයකි.
ඒ අනුව පිළිවෙළින් දෙවන මාසය සදහාත් ඇගළුම් අපනයනයෙන් උපයාගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන පන්සියය ඉක්මවා ගොස් තිබේ.
ඇගළුම් අපනයනයෙන් ශ්රී ලංකාව ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයා ඇත්තේ පසුගිය ජූනි මාසයේ දී ය. ජූනි මාසයේ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 537 කි.
මේ අනුව ඇගළුම් අපනයනයෙන් වසරේ මුල් මාස හත තුළ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.