ජූලි මාසයේදීත් රට විරුවෝ
එහෙමටම මුදල් නොඑවති..!
විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම දිරිගැන්වීම සදහා රජය විවිධ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර තිබුණ ද ජූලි මාසයේදී ද විදේශ ප්‍රේෂණ ලැබීම් බලාපොරොත්තු වූ තරමට ඉහළ ගොස් නැති බව වාර්තා වේ.
ජූලි විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 279.5 කි.
එය ජූනි මාසයේ ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 271.4 ට වඩා යම් තරමක වැඩි වීමක් වුවද 2021 වසරේ ජූලි මාසයේ ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 453.3 ට සාපේක්ෂව සැලකියයුතු ප්‍රමාණයක අඩු වීමකි.
නිල මාර්ග ඔස්සේ රට තුළට විදේශ ප්‍රේෂණ එවීම දිරිමත් කිරීම සදහා රජය විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටින අතර මුදල් එවීමේ අනීතික මාර්ග වසා දැමීම සදහා මහබැංක-ුව නොයෙකුත් නීතිමය ක්‍රියාමාර්ගයන්ද ගෙන තිබේ.
එසේ තිබිය දීත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අවසර ලත් විධිමත් මාර්ග ඔස්සේ රටට මුදල් නොඑවීමට ප්‍රධාන හේතුව රජය කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගී නැති වීම බව විශ්ලේෂකයෝ පවසති.