“ජේවීපී කාරයෝ ලයිට් බිල් 1500 ක් විතර එවලා..! මං ඒවා ගෙවන්නේ නෑ..!” සනත් නිශාන්ත.

0
892

“ජේවීපී කාරයෝ ලයිට් බිල් 1500 ක් විතර එවලා..!
මං ඒවා ගෙවන්නේ නෑ..!”
සනත් නිශාන්ත.

පොහොට්ටු පක්ෂ අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි බිල් ගෙවා දැමීමට තමන් සූදානම් යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු, විදුලි බිල් 1500 ක් පමණ තමන්ගේ වට්ස්ඇප් අංකයට ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

කෙසේ වෙතත්, තමන් කිසි විටෙක කිසිවෙකුගේ විදුලි බිල් ගෙවා දමන බවට පොරොන්දු වී නැති බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, එය, ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද ව්‍යාජ ප්‍රචාරයක් යැයි චෝදනා කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමගයි.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයාගේ වට්ස් ඇප් අංකයට ලැබුණු කිසිදු විදුලි බිලක්, ඒ මහතා විසින් ගෙවා නොදමනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 17 =