‘ජේ.ආර්. තරුණ වියේ දී ම ජනාධිපති ධූරයට පත් වූවානම් අද මේ රට සංවර්ධිත රටක්..!’ පැල්පොල විපස්සී හිමි.

0
141

‘ජේ.ආර්. තරුණ වියේ දී ම
ජනාධිපති ධූරයට පත් වූවානම්
අද මේ රට සංවර්ධිත රටක්..!
දැන් එය කළ හැක්කේ ජනපති රනිල්ටයි.’
පැල්පොල විපස්සී හිමි.


ශ‍්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වන ජේ.ආර්. ජයවර්ධන මැති තුමා එතුමාගේ ජීවිතයේ තරුණ වියේ දී ම ජනාධිපති ධූරයට පත් වූවා නම් අද වන විට මේ රට සංවර්ධිත රටක් වී තිබෙනු ඇතැයි පැල්පොල විපස්සී හිමියෝ පවසා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ 26 වැනි ගුණසමරුවට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව පවසා ඇතැයි වාර්තා වේ.

දැන් එම සිහිනය සැබෑ කළ හැක්කේ වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට බවද උන් වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

සැබෑ නායකයන්ගේ වටිනාකම එම නායකයන් ජීවත්ව සිටිය දී වටහා නොගැනීම මිනිස් ගතියක් බව පවසන පැල්පොල විපස්සී හිමියෝ, බුදුන් ජීවත්ව සිටිකාලයේ දී උන්වහන්සේගේ සැබෑ වටිනාකම පවා මිනිසුන් තේරුම් නොගත් බවද වදාරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + thirteen =