ජොන්ස්ටන් ඇප මත මුදා හරී.
සතොස ආයතනයේ සේවකයන් පිරිසක් ඔවුන්ට පැවරී ඇති රාජකාරීන්ගෙන් මුදා ගෙන මැතිවරණ ව්‍යාපාරය සදහා යොදවා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවෙන් අදාල සැකකරුවන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මේ මගින් රජයට මිලියන 40 කට ආසන්න මුදලක් අලාභ කරන ලදැයි චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් නඩුව අවසන් වන තෙක් ඔවුන් සියල්ලන්ටම විදෙස් ගමන් තහනම් ය.