ඩයනාගේ ආයෝජකයා පොල්ල තියයි.
නෙලුම් කුළුණට අලුත් ආයෝජකයෙක් සොයයි.
කැසිනෝ ශාලාවක් ද සමගින්, නෙලුම් කුළුණ සදහා, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මැදිහත්වීමෙන් ගෙන එන බව පැවසූ ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනය, විවිධ හේතූන් මත අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, නෙළුම් කුළුණ සදහා නව ආයෝජකයෙකු සොයන බව ලෝටස් ටවර් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ විධායක නිළධාරී, විශ්‍රාමික මේජර් ජනරාල්, ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
පරිශ්‍රය තුළ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් බිහිකිරීමට අදාලව, නම් සිංගප්පූරු සමාගම, පසුගිය වසරේදී නෙළුම් කුළුණ මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. කෙසේ වෙතත්, අදාල ගිවිසුම මැයි මාසයේ හත්වනදා අවලංගු වී තිබේ.
නෙලුම්කුළුණ මහජනතාවට විවෘත කිරීමෙන් පසුව මේ දක්වා අටලක්ෂ විසි අට දහසක පිරිසක් එය නැරඹීම සදහා පැමිණ තිබෙන අතර, ඉන් දා හතර දහස් හත්සියයක් විදේශීය සංචාරකයන් බව පැවසේ.
මේ වන විට පාර්ශ්ව කිහිපයක් නෙලුම් කුළුනේ ඉඩ වෙන්කරගෙන තිබේ.