“ඩයනාගේ නඩුව
ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යනවා.”
ඕෂල හේරත්.
ඩයනාගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් තමන් ඉදිරිපත් කළ රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් අද දිනයේ දී ප්‍රතික්ෂේප කළ ද, තමන් නඩුව, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන යන බව, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවට ගිය සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් පවසයි.
ඩයනාගේ නඩුව විනිසුරුවරු තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් විභාග කළ අතර, ඉන් එක් විනිසුරුවරයෙකුගේ මතය වී තිබෙන්නේ, ඩයනා මන්ත්‍රී ධූරයෙන් නෙරපීම සදහා ප්‍රමාණවත් කරුණු ඇති බව යැයි, ඕෂල හේරත් මහතා පවසයි.
තමන්ද එම මතයේ ම සිටින බව ප්‍රකාශ කරන ඕෂල හේරත් මහතා, අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඉදිරි සතියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ද පැවසී ය.