ඩයනාගේ පුරවැසිභාවය පිළිබද අවනඩුව තුන්වන චාර්ල්ස් රජු ළගටත් ගෙන යයි.

0
188

ඩයනාගේ පුරවැසිභාවය
පිළිබද අවනඩුව
තුන්වන චාර්ල්ස් රජු
ළගටත් ගෙන යයි.


රාජ්‍ය ඇමතිනී ඩයනාගේ ගමගේ මහත්මියගේ පුරවැසි භාවය පිළිබද ගැටළුව මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හරහා බි්‍රතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ අවධායනයට යොමු කිරීමට මෙරට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් කටයුතු කර තිබේ.

ඊයේ දිනයේ දී තුන්වන චාර්ල්ස් රජු වෙත ලියන ලද අදාල ලිපිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුවන දර්ශන හදුන්ගොඩ මහතා විසින් මෙරට බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට භාර දී ඇති බව පැවසේ.

ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිනියක බවත් ඒ හේතුවෙන් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතියක් ඇයට නැති බවත් චෝදනා කරමින් මේ වන විටත් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + nineteen =