‘ඩයනාගේ පුරවැසිභාවය පිළිබද වාර්තා
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන්
ලබා ගන්න.’
අධිකරණය සී.අයි.ඩීයට නියෝග කරයි.
සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ වාර්තා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ලබා ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක් බවත් ඒ අනුව ඇය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සදහා නුසුදුසුවන බවත් පවසමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
අදාල පෙත්සම පිළිබඳ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණය විසින් ඉහත නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබේ.