ඩයනාගේ මන්ත්‍රීධූරය සම්බන්ධ නඩුව
ජනවාරි 26 වන දා විභාගයට..!
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර තිබෙන රිට් පෙත්සම ජනවාරි මාසයේ 26 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
ඩයනාගේ ගමගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු හෝ නොව; ඇය බ්රිතාන්‍ය ජාතික පුරවැසිනියක් බවත් ඒ හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරීපත්වීම සදහා ඈ නුසුදුසු බව යෝජනා කරමින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් අදාල පෙත්සම ගොනු කර තිබුණි.