ඩයනා මන්ත්‍රීදූරයේ තබනවාද…?
ඉන් ඉවත් කරනවා ද..?
තීන්දුව ජූනි 06.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ මන්ත්‍රීදූරය අභියෝගයට ලක් කරමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාල තීන්දු 2023 ජූනි මාසයේ 06 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කර තිබේ.
අදාල පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද දිනයේ විභාගයට ගත් අවස්ථාවේ මේ බව දැනුම් දී තිබේ.
සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ඇති බැවින් මන්ත්‍රී දූරයක් දැරීමට නුසුදුස්සියක වී ඇති බව පෙත්සම්කරු යෝජනා කරයි.