‘ඩයනා මන්ත්‍රීධූරයෙන් නෙරපන්න.’
අභියාචනාධිකරණයට පෙත්සමක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් අද දිනයේ දී අදල පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති බවයි පැවසෙන්නේ.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිනියක බවත් ඒ හේතුව මත මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඈ නුසුදුසු වන බවටත් පෙත්සම් කරු යෝජනා කරයි.