‘ඩයනා විදේශීය කාන්තාවක්…! ලංකාවේ රැදී ඉන්න ඇයට වීසා නෑ. ඇගේ උප්පැන්න සහතිකේත් බොරු එකක්.’ රජිත් කීර්ති තෙන්නකෝන්.

0
538

‘ඩයනා විදේශීය කාන්තාවක්…!
ලංකාවේ රැදී ඉන්න ඇයට වීසා නෑ.
ඇගේ උප්පැන්න සහතිකේත් බොරු එකක්.’ රජිත් කීර්ති තෙන්නකෝන්.

රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඩයනා ගමගේ පිළිබදව ලියා ඇති ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

ඩයනාගේ සිදුවීම ඇසුරෙන් ඔහු මතුකර තිබෙන කරුණු වැදගත් යයි සිතන බැවින් අපි එම ලිපිය මෙසේ පළ කරමු.

ඩයනා විදේශීය කාන්තාවක් බවත් ඈ ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් බවත් එම ලිපියේ සදහන් ය.

ඊට අමතරව ඩයනාට එරෙහිව සමගි ජන බලවේගය නීතිය හමුවට නොයන්නේ ඇයිද කියාත් ඔහු ප්‍රශ්න කරයි.

ඩයනා සම්බන්ධයෙන් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ලියා ඇති ලිපිය පහතින්.

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට නඩු දාන්නේ නැත්තේ ඇයි?

මහෙස්ත්‍රාත් අධිකරණයේ දැන් විභාග වන ඩයනා ගමගේ නඩුව ලංකා ඉතිහාසයේ සුවිශේෂ නඩු කටයුත්තක් බවට පත්වෙමින් තිබෙනවා. මා මිත්‍ර නීතිඥ ගුණරත්ත වන්නිනායක ඇතුළු පිරිසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී, ඩයනා ගමගේ මන්ත්‍රීවරියට විදේශ ගමන් තහනමක් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා!!

ඩයනා සජබ මන්ත්‍රීවරියක්. ඇය ඉවත් කිරීමට දැන් සජබට ඇත්තටම ඒච්චර උනන්දුවක් තිබෙන බවක් පෙන්නේ නෑ. මේ නඩුවේ පැමිණිලිකාර ඔ්ෂල හේරත් දිගු කළක් මේ විෂය කතා කර තියෙනවා. ඒක දවසක් තුල සජබ පක්ෂ ලියාපදිංචිය සිදු කිරීමේ සිට ඈඳුණු කතා ගොඩක් මේ හා බැඳී තිබෙනවා. අද විපක්ෂය මහින්ද දේශප්‍රියට ගහන්නටත්, වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නටත් හේතු වෙලා තියෙන්නේ මේ නඩුව හා බැඳුණු අලකලංචියයි. ඒ ගැන නඩුවක් ගියොත් කතා කරමු!

ඡන්ද, මන්ත්‍රී ධූර ගැන හැමදේටම කථා කරන පැෆරල්, සී.ඒම්.ඊ.වී., කැෆේ කිසිම සංවිධානයක් තවම ඩයනාගේ මන්ත්‍රී ධූරය අහිමි කරන්නට අවශ්‍ය නෛතික කටයුත්ත (අභියාචනාධිකරණයේ නඩු පැවරීම) සිදු කර නෑ.

දේශපාලන පක්ෂ වගේම සිවිල් සංවිධානත් මේ ගැන නොතකා හරින්නට හේතු තියෙනවා. මේ ගැන සිදුවන නඩු විභාගයක් ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ (පක්ෂ ලියාපදිංචිය, පක්ෂ නම් මාරුකිරීම, නාම යෝජනා ලබාදීම, උප්පැන්න සහතික වෙනස් කිරීම, හොර පාස්පෝට් හැදීම, ඡන්ද ලියාපදිංචිය) ආදී බොහෝ කේෂ්ත්‍රයන් ගැන මම වසර 15 කට වැඩි කාලයක් සිදු කළ කතා කරළියට ගෙන එන්නට හේතු වෙනවා.

මම රාජ්‍ය සේවකයෙකු නොවී පුරවැසියෙකු ලෙස කටයුතු කලා නම් මේ වන විටත් මම මෙයට විරුද්ධව නඩු පවරනවා. අජිත් නිවාඩ් කබ්රාල් ගේ නඩුව වගේම ඩයනාගේ නඩුවත් උසාවියේ අහන දවසක ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයින් ගැන අපි දන්නා බොහෝ දේ ලෝකයම දැන ගනීවී.

සජබ ජාතික ලැයිස්තුවේ සිටි ශිරාල් ලක්තිලක, අසාද් සාලි, ගුණරත්න වන්නිනායක ඇතුළු දක්ෂයින් කපා දමා ඩයනා ගමගේ පාර්ලිමේන්තු පැමිණීම ලංකා දේශපාලනයේ සාමාන්‍ය යෙන් එළිපිට කතා නොවන දෙයක්.

මේ පැමිණිල්ල සිදු කළ ඔ්ෂල හේරත් ට එය කරන්නට තිබූ ධෛර්යයටත්, දිගින් දිගටම ඒ් ගැන පෙනී සිටීමට තිබූ කැපවීමටත් මම ගරු කරනවා. ඔහු ඒ නිසා අපමණ පීඩාවට පත් වූ බවත් ඔහුට ගෞරවයක් ලෙස සටහන් කළ යුතුයි.

ඩයනාගේ කතාව කෙටියෙන්

ඩයනා ගමගේ විදේශීය බලපත්‍ර මත ලංකාවට ආවා. 2015 සිට ඩයනා විධිමත් ආකාරයට වීසා නෑ. ඩයනා ලංකාවෙන් හොර පාස්පෝට් ඒකක් අරගෙන තියෙනවා. එය ලබාගන්න පාවිච්චි කළ උප්පැන්න සහතිකයත් ලියාපදිංචි කර නෑ කියලා ප්‍රා.ලේ. කියනවා. ඒ උප්පැන්නය යොදාගෙන හැදූ හැඳුණුම්පතක් (ව්‍යාජ ලේඛන මත හැදූ) තියෙන බව පේනවා. එය පාවිච්චි කරලා හොර ගමන් බලපත්‍රයක් අරගෙන තියෙනවා. ඒ් හොර ගමන් බලපත්‍රය පාවිච්චි කරලා, ඩිප්ලොමැට් බලපත්‍රයක් ලබාගෙන තියෙනවා.

ඇයට ගමන් බලපත්‍ර හතරක් තියෙනවා. (බ්‍රිතාන්‍ය, හොරට ගත්ත සමාන්‍ය ගමන් බලපත්‍ර 2, සහ තානාපති ගමන් බලපත්‍රය)

මේ කරුණු සාක්ෂිකරුවෝ 8 කින් තහවුරු වෙලා තියෙනවා.

  1. විදේශීය කාන්තාවක් වීසා නැතුව ලංකාවේ රැදී සිටීම
  2. ව්‍යාජ ලේඛන මත වංචනිකව ගමන් බලපත්‍ර ලබාගැනීම කියන වරද ඉතා පැහැදිලිව ඇය විසින් සිදු කර තිබෙනවා.

ලංකාවේ නීතිය අනුව, විදේශීය පුරවැසියෙක් වීසා නැතිව ඉන්නවා නම් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ යුතුයි. ඒ් ගැන වහා ගත යුතු, ගත හැකි ක්‍රියාමාර්ගය ඒ්කයි.

නීතිඥ ගුණරත්න වන්නිනායක ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙලා ඩයනාට රටින් පිටවීම නොවැ. 17 තහනම් කරන නියෝගයක් අරගෙන තියෙනවා. ඒ නිසා නඩු දානවානම් දැන් දවස් පහක් තියෙනවා!

නැතිනම්, ආගමන විගමන පනතේ 45 1 (අ) සහ (ආ) වගන්ති යටතේ පනත උල්ලංඝණය වෙලා වරදක් සිදු කර ඇති බැවින් වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

සජබ කාලයකට පෙර ඩයනාට විරුද්ධව මන්ත්‍රී ධූරය අහිමි කරන්න නඩු දැම්මා. හැබැයි, අද ඩයනාගේ මන්ත්‍රී ධූරය අහිමි කරන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් මාවතක්, වෙනත් පක්ෂයකට අපේක්ෂකයෙකු විසින් උදාකර දී ඇති විටත් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය ගැන පුරවැසියෙක්, සිවිල් සංවිධානයක් නඩු පැවරීම සිදු කළ යුතුයි. (රජයේ රස්සාව නැතිනම් මම මේ වන විටත් නඩු දාලා) මොකද, ඒ නඩුව, ලංකා ඉතිහාසයේ පක්ෂ ලියාපදිංචියේ ඉදන්, සිදුවන අනෙක විධි අකටයුතුකම් පිළිබඳ ‌ෛඒතිහාසික අනාවරණයක් සිදු කරන නිසයි. වත්මන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ගැන සමහර දේශපාලනඥයින්ට තියෙන ප්‍රේමයත්, විරෝධයත් එයින් නිරුවත් වනු ඇත්තේය.

ඩයනාට තවදුරටත් ලංකාවේ ඉන්න බෑ. ඇය පිටුවහල් කළ යුතුයි! නීතිය ඒකයි.

හැබැයි, මන්ත්‍රී ධූරය අහිමි කිරීමට පුරවැසියෙක්, සංවිධානයක් නඩු පවරන්නේ නැතිනම් පැය 24 කින් පක්ෂයක් ලියාපදිංචි වූනේ කොහොමද? ඩයනා ජාතික ලැයිස්තුවෙන් ආවේ කොහොමද? කියන දේශපාලනයේ අඳුරු කතාව කවදාවත් එළියට එන්නේ නෑ!

රජිත් කිර්ති තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =