‘ඩී.අයි.ජී නාලක සිල්වා යළි සේවයේ පිහිටවූවා නම්, නාමල් කුමාර නිදහසේ ඉන්නේ කෙසේද..?නාමල් කුමාර මෙහෙය වූ කුප්‍රකට ව්‍යාපාරිකයා දැන් කෝ..?’ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිප්‍රියන්ත ජයකොඩි අසයි.

0
497

‘ඩී.අයි.ජී නාලක සිල්වා යළි සේවයේ පිහිටවූවා නම්,
නාමල් කුමාර නිදහසේ ඉන්නේ කෙසේද..?
නාමල් කුමාර මෙහෙය වූ කුප්‍රකට ව්‍යාපාරිකයා දැන් කෝ..?’
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
ප්‍රියන්ත ජයකොඩි අසයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වා අත් අඩංගුවට ගැනීම හරහා, පාස්කු ප්‍රහාරයට අවකාශය සලසා දුන් බව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාවක් ගොතා, නාලක සිල්වා අත් අඩංගුවට නොගත්තා නම්, පාස්කු ප්‍රහාරය සිද්ධ වීමට පෙර නිසැක වශයෙන්ම ඔහු සහරාන් ඇතුළු කණ්ඩායම අත් අඩංගුවට ගන්නා බව ද ඔහු පවසයි.

ව්‍යාජ චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගන්නා ලද ඩී.අයි.ජී. නාලක සිල්වාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනුකර නැති බව පවසන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, මේ වන විට ඔහු පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍යපොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බවද පවසයි.

මෙය මහත් ව්‍යාකූල තත්ත්වයක් බව පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා, නාලක සිල්වා මහතා නිර්දෝශීයිනම්, ඔහුට එරෙහිව ව්‍යාජ චෝදනාවක් ගොනු කළ නාමල් කුමාර නැමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කයි.

නාමල් කුමාර මෙහෙයවූවේ කවුද, ඔහු පිටුපස සිටින කුප්‍රකට ව්‍යාපාරිකයා කවුද යන්න පිළිබදව වහා විමර්ශනය කළ යුතු බව ද හිටපු ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 11 =