‘ඩේලි මිරර් පුවත්පත
මටත් වඩා මං ගැන දන්නවා වගේ…!’
ආණ්ඩුවට එක්වන කතාව ප්‍රතික්ෂේප කරමින්
හර්ෂ කියයි.
සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රධාන නායකයන් කිහිප දෙනෙකු ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව අද වෙළද පොලට නිකුත්ව තිබුණු ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර තිබුණි.
ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් අපද එම ප්‍රවෘත්තිය වාර්තා කළ අතර, එම ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නැති බව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් හර්ෂද සිල්වා මහතා පවසයි.
ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන සැලැස්ම, – සමාජ ආරක්ෂණ දැල කෙරෙහි සමගි ජන බලවේගය විසින් ලබා දී තිබෙන වැදගත්කම හැරුණු කල – සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික දැක්මට සමාන බව තමන් ප්‍රකාශ කර තිබෙන නමුත් – පුවත්පත වාර්තා කර තිබෙන ප්‍රවෘත්තිය අනුමානයන් මත පදනම්ව සිදුකර තිබෙන දෙයක් බව හර්ෂද සිල්වා පවසයි.
