‘ඩොලරය වැටෙන්න දී
දේශපාලනඥයන් සතුටු කරන්න
මහබැංකුවට බෑ.’
හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති.
ඩොලරය වැටෙන්න දී දේශපාලනඥයන් සතුටු කරන්න මහබැංකුවට බැරි බව හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ විජේවර්ධන මහතා මවුබිම පුවත්පත සමග පවසා තිබේ.
මවුබිම පුවත්පතේ පලවී තිබෙන අදාල වාර්තාව අපි පහත උපුටා දක්වමු.
ඩොලර කඩා වැටීම හා රුපියල ඉතා වේගයෙන් ශක්තිමත් වීම යනු දෙපැත්ත කැපෙන කඩුවක් වගේ බවත් එය ඉතා පරෙස්සමින් හැසිරවිය යුතු දෙයක් බවත් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආර්ථික විශේෂඥ ආචාර්ය ඩබ්.ඒ විජේවර්ධන ඉරිදා මව්බිමට පැවසීය.
මේ තත්ත්වය හේතුවෙන් ආනයනය කරන පිරිසට අඩු මිලට ඩොලරය මිලදී ගැනීමට හැකිවීම හේතුවෙන් වාසියක් ලැබෙන නමුත් ලංකාවට ඩොලර් එවන අපනයන කරුවන් , විදෙස් ශ්‍රමියක් ඇත-ුළු පිරිසට එය අවාසිදායක බවත් හෙතෙම කීය. රුපියල ශක්තිමත් වනවා යැයි පවසමින් ඩොලරයට කඩා වැටීමට ඉඩ ලබා දී දේශපාලඥයන් සතුටු කිරීම උදෙසා නිහඩව සිටීම මහබැංකුවට නොහැකි බවත් එලෙස ඔවුන්ගේ නිහැඩියාව රටේ ආර්ථිකය තවත් ආකාරයකින් අර්බුදයට ලක් කිරීමක් බවත් ඔහු සදහන් කලේය.