‘ඩොලර් බිලියන පහක ආයෝජනයක් රැගෙන
ස්පාක්‍දක්‍ද සහ රුසියානු
ආයෝජකයන් පිරිසක් ලබන සතියේ පැමිණෙති.’
ඩයනා ගමගේ කියයි.
ඩොලර් බිලියන පහක ආයෝජනයක් රැගෙන රුසියානු සහ ස්පාක්‍දක්‍ද ආයෝජකයන් පිරිසක් තවත් සතියක් තුළ දිවයිනට පැමිණීමට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.
ආයෝජනය; මරදාන සහ කොළඹ කොටුව අතර ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සම්බන්ධය.
ව්‍යාපෘතිය අවසන් වීමට ගතවන කාලය වසර දහයකි.
මෙය හුදෙක් ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම පමණක් නොවන බවත් ඊට අදාල හෝටල් පද්ධතියක් ද ඒ හා සමගම ඉදිකිරීමට නියමිත බවත් පැවසේ.
අදාල ආයෝජනය පිළිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් බවද සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය පවසා තිබේ.
ද මෝර්නිං පුවත්පත සමග ඉහත විස්තර ඈ පවසා තිබුණු අතර අදාල ආයෝජනය පිළිබද ඊයේ පාර්ලිමේන්තුවේ දී ද රාජ්‍ය අමාත්‍යවරිය කරුණු හෙලිකර සිටියා ය.
තමන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටිය දී ඊට අදාල සාකච්ඡා ආරම්භ කර තිබුණු බවද ඇය වැඩිදුරටත් පවසා සිටි නමුත් එකී ආයෝජනය පිළිබදව වැඩි විස්තරයක් ඈ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලා ය.