ඩොලර් මිලියන 250 ඉල්ලා, හැමිල්ටන් රිසව් බැංකුව පැවරූ නඩුව ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජය ගොනු කළ මෝසම ප්‍රතික්ෂේප වේ.

0
575

ඩොලර් මිලියන 250 ඉල්ලා,
හැමිල්ටන් රිසව් බැංකුව පැවරූ නඩුව
ඉවත් කරගන්නා ලෙස
ශ්‍රී ලංකා රජය ගොනු කළ මෝසම
ප්‍රතික්ෂේප වේ.

රට බංකොලොත් බව ප්‍රකාශයට කිරීමත් සමඟ, පසුගිය වසරේ ජූනි මස 25 වන දාට කල් පිරෙන, ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ස්වෛරී්ත්ව බැදුම්කරයක ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන්, හැමිල්ටන් රිසව් බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව 2022 වසරේ ජූනි මස 21 වන දා ෆෙඩරල් අධිකරණයක් හමුවේ නඩු පවරා තිබුණි.

රට බංකොලොත් වීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියකට යෑමට ශ්‍රී ලංකාව සැලසුම් කර සිටින බැවින් එම නඩුව ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා රජය මෝසමක් මගින් ඉල්ලා තිබුණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන්නේ ක්ලිෆර්ඩ් චාන්ස් නම් ආයතනයයි.

කෙසේ වෙතත්, නිව්යෝර්ක් දිසා අධිකරණයක් මගින් ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කරන ලද එම මෝසම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, හැමිල්ටන් රිසව් බැංකුව ශ්‍රී ලංකා රජයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඉදිරියට යෑමට නියමිතය.

පොලියද සමගින්, අදාල ස්වෛරීත්ව බැදුම්කරය සදහා ශ්‍රී ලංකා රජය හැමිල්ටර් රිසව් බැංකුවට ගෙවිය යුතු මුලු මුදල ඇමරිකානු ඩොලර් 257,539,331.25 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =