‘ණය ප්‍රතිව්‍යුහගතකිරීම
පමා කරන කඩාකප්පල්කාරයා
චීනයයි…!’
ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය කියයි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය පමා කරන ප්‍රධානතම කඩාකප්පල්කාරයා චීනය බව ශ්‍රී ලංකාවේ ඇමරිකානුතානාපතිනිය පවසයි.
බීබීසී සේවය සමග එක් වෙමින් තානාපතිනිය මේ බව ප්‍රකාශ කර තිබේ.
බීබීසී සම්මුඛ සාකච්ඡාවේ දී ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන චීනය ඈ හදුන්වා ඇත්තේ ස්පොයිලර් කෙනෙක් යන වචනයෙනි.
චීනයට අමතරව ඉන්දියාවද ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියට බාධා කරමින් සිටින බව ඇමරිකානු තානාපතිනිය පවසා තිබේ. ඇය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ද මේ චෝදනාව චීනය සහ ඉන්දියාවට එල්ලකර තිබෙන බව වාර්තා වේ.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියට ඇතිව තිබෙන මෙම බාධාව ලෝක ජනගහනයෙන් 10% ක ප්‍රමාණයක් ණය උගුලකට හසුකරන තත්ත්වයක් උදාකරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
කෙසේ වෙතත් චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් සිව් දින සංචාරයක් සදහා අද දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත ය.