ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය එකඟ වේ…! ඊයේ ජනපති අතට ලිපිය ලැබේ.

0
218

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට
චීනය එකඟ වේ…!
ඊයේ ජනපති අතට ලිපිය ලැබේ.

ලංකාවට ලබා දී තිබෙන ණය ආපසු අය කර ගැනීම වසර දෙකක කාලයකට අත් හිටුවීමට සිය එකගතාවය පළ කරමින් චීන එක්සිම් බැංකුව ඊයේ දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.

එම ලිපියෙන් ලංකාවට අදාලව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම් ඉදිරියට ගෙන යන ලෙසද චීනය ඉල්ලි ඇති බව පැවසේ.
ලංකාවට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ලංකාවට ඉල්ලා තිබුණු අතර ඒ සදහා දීර්ඝ කාලයක් බලා සිටීමට ලංකාවට සිදු විය.

ඉන්දියාව ගිය සතියේ දී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යොමුකර තිබුණු අතර චීනයද ඒ හා සමගම මෙන් මෙම ලිපිය යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 9 =