ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන්න
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා
බ්‍රහස්පතින්දා දිවයිනට…!
අත්සන් ගැනීමට ගිවිසුම් දෙකකුත් අරන් එයි..?
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධව මෙතෙක් ඉන්දියාව සහ චීනය ඔවුන්ගේ ස්ථාවරයන් ප්‍රකාශයට පත් කර නැත.
මේ වන විට චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් චීන ජනාධිපතිවරයාගේ ලිපියක් ඊයේ දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇති බව වාර්තා වේ.
ඊට අමතරව චීන එක්සිම් බැංකුවේ අධිපතිවරයා සමග ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබදව ජනාධිපතිවරයා මේ වන විටත් සාකච්ඡා කර තිබෙන බවද පැවසේ.
මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිෂංකර් මහතා එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දී ලංකාවට පැමිණීමට නියමිතව.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව ඉන්දියාව සිය ස්ථාවරය ඉන් පසුව නිවේදනය කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ඊට ප්‍රථම ඉන්දීය විදේශකටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරය තුළ දී ශ්‍රී ලංකා රජය සමග අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට සැලසුම් කර තිබෙන බව ද වාර්තා වේ.
එක් අවබෝධතා ගිවිසුමක් වන්නේ ත්‍රීකුණාමල සංවර්ධන ව්‍යාපෘතියයි.
අනෙක, ඉන්දියාව සමග විදුලිබල ජාල සම්බන්ධ කිරීමට අදාල ව්‍යාපෘතියයි.