දෙසැම්බරයේ ණය ලැබෙනු ඇතැයි
ලංකාව බලා සිටියි.
නමුත් ණය මුදා හරින කාල වකවානුව
නිශ්චිතව කිව නොහැකි යැයි
අයි.එම්.එෆ් එක කියයි…!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පොරොන්දු වී තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල දෙසැම්බරයේ දී ලැබෙනු ඇතැයි ලංකාව බලා සිටියද අදාල ණය මුදල මුදාහැරීමට හැකිවන කාලය නිශ්චිතව කිව නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
පොරොන්දු වී තිබෙන ණය මුදල ලංකා රජයට මුදා හැරීම සදහා ගතවන කාලය ණය හිමියන් සමග පවත්වන සාකච්ඡාවල සාර්ථකත්වය මත තීරණය වන්නක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.