“තනි තට්ටුවේ ගේ තට්ටු දෙකට හදලා දෙනවා. තට්ටු දෙකේ ගේ තට්ටු තුනට හදලා දෙනවා.” වජිර අබේවර්ධන.

0
457


“තනි තට්ටුවේ ගේ තට්ටු දෙකට හදලා දෙනවා.
තට්ටු දෙකේ ගේ තට්ටු තුනට හදලා දෙනවා.”
වජිර අබේවර්ධන.


මැයි නම වන දා නිරායුධ ගෝටා ගෝ ගම අරගලකරුවන්ට එල්ල වූ මැර ප‍්‍රහාරයට පසුව, රට පුරා ඇවිලී ගිය ප‍්‍රචණ්ඩත්වයේ ගිනි දැල්, එක් මහජන නියෝජිතයෙකු සහ තවත් පුරවැසියන් කිහිප දෙනෙකුගේ ජීවිත උදුරා ගෙන තිබුණු අතර, විශාල දේපළ හානියක් ද සිදු කළේ ය.

අරගලය දියත් වූ කාල වකවානුව තුළ මහජන නියෝජිතයන් රැුසකගේ නිවාස ගිනිබත් වූ අතර ඒ නිවාස සියල්ල යළි හදා දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන පවසයි.

නෙත් එෆ්.එම් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ඔහු පවසා සිටියේ, ගිනි තැබූ නිවාස යළි ඉදිකර දීමේ දී තනි තට්ටුවේ නිව තට්ටු දෙකටත්, තට්ටු දෙකේ නිවස තට්ටු තුනටත් ඉදිකිර දෙන බවයි.

රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටනම් එය එසේ කළ යුතු බව මන්ත‍්‍රීවරයා අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු අතර පැවති ඡුන්ද විමසීමේ දී රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡුන්දය ලබා දුන් මන්ත‍්‍රීවරු රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමත් අපේක්ෂා කළ බව මන්ත‍්‍රීවරයා පවසයි.

නෙත් එෆ්.එම් නාලිකාව සමග මන්ත‍්‍රී වරයා පැවැත් වූ සම්මුඛ සාකච්ඡුාවේ ලින්ක් එක පහතින් අප පළ කරන අතර, මෙම කරුණට අදාල කොටස ඇත්තේ වීඩියෝවේ අවසන් භාගයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =