තමන්ට වාසියක් නැති පාරකට
බස් රථයක් දැම්මා කියා
පොහොට්ටු පක්ෂ රාජ්‍ය ඇමති
ඩිපෝ අධිකාරීට තර්ජනය කරයි..!
පොහොට්ටු පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ඩිපෝ අධිකාරීවරයෙකුට කරන තර්ජනයක හඩ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
මාතලේ සිට රත්තොට – රිවර්ස්ටර්න් සහ ලග්ගල හරහා මහියන්ගනය දක්වා වූ මාර්ගයට බස් රථයක් ලබා දීමට ඩිපෝ අධිකාරීවරයා පියවර ගෙන තිබේ. ඩිපෝ අධිකාරීවරයා මෙම පියවර ගෙන ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත යැයි වාර්තා වේ.
එකී බස් සේවය සැපයීමෙන් තමන්ට කිසිදු වාසියක් අත් නොවන බැවින් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රෝහන දිසානායක අදාල බස් සේවය ලබා දීමට කටයුතු කළ ඩිපෝ අධිකාරිවරයාට තර්ජනය කරන අයුරු අදාල හඩ පටයෙන් ඇසිය හැකි ය.