තඹුත්තේගම කෝටි දෙකේ කොල්ලයට
පොහොට්ටු පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුත් අත්අඩංගුවට.
ඊයේ තඹුත්තේගම දී රුපියල් මිලියන 23.2 ක මුදලක් කොල්ල කෑමට කොල්ලකරුවන් පිරිසක් දැරූ අසාර්ථක උත්සාහය සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද අත් අඩංගුවට ගෙන තිබේ.
කිසියම් පුද්ගලයෙකු විසින් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් මිලියන 23.3 ක මුදලක් කොල්ල කෑමට පුද්ගලයන් දෙදෙනෙකු උත්සාහ දරා තිබුණු අතර පොලිස් නිළධාරි මහතකුගේ මැදිහත්වීම මත එම උත්සාහය අසාර්ථක විය.
අදාල මුදල කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් දෙදෙනා ඒ මොහොතේ දීම අත් අඩංගුවට ගෙන තිබුණු අතර පොහොට්ටු පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් පසුවයි.