තඹුත්තේගම රෝහලෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු පැමිණෙයි. අනුරාධපුර රෝහලේ වසා දැමූ ළමා වාට්ටුව අද සිට යළි විවෘතයි..!

0
127

තඹුත්තේගම රෝහලෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු පැමිණෙයි.
අනුරාධපුර රෝහලේ වසා දැමූ ළමා වාට්ටුව අද සිට යළි විවෘතයි..!

වාට්ටුව භාර ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු අනෙකුත් වෛද්‍යවරු රට හැර යාම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ වසා දැමූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයට අයත් ළමා වාට්ටුව අද සිට යළි විවෘත කරන බව වාර්තා වේ.

තඹුත්තේගම රෝහලට අනුයුක්තව සේවය කළ, ළමා රෝග පිළිබදව විශේෂඥ වෛද්‍යවරයෙකු, වැඩ බලන විශේෂඥ වෛද්‍යවරයා ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ අදාල වාට්ටුව භාරගෙන ඇති බව පැවසේ.

කෙසේ වෙතත් අනුරාධ පුර ශික්ෂණ රෝහලේ සේවය කළ තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම රට හැර ගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =